About Me | මම ගැන

මගෙ නම නුවන් පතිරණ. “ගීත්” කියන්නේ “නුවන්” කියන එකට කලින් තියන එක. ගොඩක් අය කියන්නෙ නුවන් කියලා. “ගීත්” කියන එක ගොඩක් භාවිතාවෙන්නෙ නැත්තෙ නම ලියනවිටත්, පාසලේදීත් P.K.G.Nuwan Pathirana යන්න භාවිත කරන නිසා. මම පාසල් ගියෙ “දැදිගම පැරකුම්භා මහා විද්‍යාලයට”. සමහර විට නොදන්නවා වෙන්න පුලුවන් එහි පිහිටීම ගැන කියනවා නම් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ (A1) කැගල්ලත් වරකාපොළත් අතර නෙලුම්දෙනිය නම් මංසන්ධියෙන් කිලෝමීටර් 3ත් පමණ ඇතුලට වෙන්නයි. දැදිගම කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා උපන් ස්ථානය පිහිටා ඇති නගරය. එම ස්ථානයේ මහා සූතිඝර චෛත්‍ය ඉදිකර තිබෙනවා. මෙහි වැඩ නිමවූවානම්

Dedigama kotawehera

Dedigama kotawehera

රැවන්වැලි මහා සෑයටත් වඩා විශාලවන්නට ඉඩ ඇති බව තමයි අසල ඇති කෞතුකාගාරයෙන් දැනගන්න ලැබෙන්නේ. මේ ගැන ලිපියක් ඉදිරියේදී ලියන්න හිතාගෙන ඉන්නවා.

Dedigama kotawehera

Dedigama kotawehera

මම පරිගණකයකට අත තිබ්බෙ මතක හැටියට 5-6 වසරවලදී වෙන්න ඇති‍. ඊට කලින් පොඩිපොඩි ඉලෙක්ටොනික් කෑලි එක්ක විවිධ පරිපඛ හැදුවා.. (දැන්නම් ඒගැන දන්නෙ නෑ :S ) පසුව පරිගණක පාඨමාලාවක් හැදෑරුවා. ඒ දවස්වල මට මාර පරිගණක පිස්සුවක් තිබුනේ. යාලුවෝ කීවෙත් “කොම්පීටර් පිස්සා”,”මිස්ටර් මෘදුකාංග” වගේ නම්. එහි දෘඩාංග ගැන කරන දවස්වල මම පුරුදුවෙන්නත් එක්ක පරිගණකයක් එකලස් කෙරුවා. ඒක P3 450 MHz එකක්. පස්සේ සාමාන්‍යපෙල විභාගෙ සමත්වුනාට පස්සෙ තමයි තරමක් හොඳ පරිඝණකයක් ගත්තේ.

සිංහල බ්ලොග්කරනයට පිවිසුනේ ගුගලේ මොකක්හරි සර්ච්කරනකොට සිංහල බ්ලොග් එකක් හමුවෙලා. පලමුවෙන්ම 2010/03/21 වැනිදා “ගීත්ගේ ලෝකය” නමින් http://geethworld.blogspot.com/ බ්ලොග් එක පටන්ගත්තා. බ්ලොග්කරනයමගින් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් යාලුවෝ හමුවුනා. ඒ වගේම ඉගනගත්තු දේවල් මගෙම බ්ලොග් එකෙන් අනිත්අයට කියලා දුන්නා. (වෙබ් අඩවි නිර්මාණය වගේ දේවල්) 2010/07/13 මගෙම කියලා වෙබ් ඉඩක් ගත්තා..

කියනවානම් ගොඩක් දේවල් තියනවා…

මම ඉන්නෙ මෙතන..





මාව සම්බන්ධකරගන්න ඕනනම් Contact පිටුව භාවිතාකරන්න පුලුවන්. නැත්නම් මේල් එකක් දාන්න.

මම තව විස්තර ටිකක් www.geeth.info වලට තියනවා.

ස්තුතියි…෴

  • Add to favorites
  • Blogger
  • Facebook
  • Twitter
  • LinkedIn
  • MySpace
  • FriendFeed
  • Live
  • Google
  • Google Reader
  • Google Buzz
  • YahooBuzz
  • Technorati
  • StumbleUpon
  • email

6 comments

  1. සයිට් එක නියමයි ස්තුතියි මම දන්නේ නැති දේවල් ගොඩක් හොයා ගත්තා

  2. සංජිව SRI LANKA Mozilla Firefox Windows says:

    නියමයි

  3. chamara Mozilla Firefox Windows says:

    mamath dadigama machan,,,oya chaithyata poddak ehata wenna inne..oya dedigama koheda

  4. sharuka SRI LANKA Mozilla Firefox Windows says:

    mata hareyata meka gena kiynwada

  5. Lahiru Mozilla Firefox Windows says:

    හොඳ වැඩක්, සුබපැතුම්.. දිගටම කරගෙන යන්න!

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


නව comments e-mail මගින් දන්වන්න. මේ සඳහා ඔබට කමෙන්ට් නොකර වුවද දායක විය හැක. Subscribe without commenting.