Blogger බ්ලොග් එකක් WordPress වලට ගෙන ඒම (සම්පුර්ණයෙන්ම)

September 2nd, 2010 by Geeth | ගීත් Leave a reply »

මේ ලිපියෙන් Blogger බ්ලොග් එකක් WordPress Self Hosted වලට ගෙන ඒම, Blog Followers ලා හා Feedburner E-mail දායකත්වය ලබාගෙන ඇති අය නව WordPress වලට ගෙන ඒම වැනි කරුණු ලිවීමට බලාපොරොත්තු වෙන්නේ. මමත් කලින් Bloger බ්ලොග් එක ලියුවෙ. නමුත් Webhosting හා Domain එකක් ගත්තායින් පසු තමන්ගෙම තැනකට බ්ලොග් එකත් ගේන්න ඕන කියලා හිතුනා‍. ඒ‍හෙම ගෙනාව ක්‍රමය සැමටම කියාදෙන්නම්. ගොඩක් Hosting Plan එක්ක WordPress Selfinstaller එකක් තියනවා. ඒත් ඒකෙන් අපේ සිංහල බ්ලොග් එකක් කරන්න හැකියාවක් ලැබෙන්නෙ නැ. (මට ලැබුනු අත්දැකීමේ හැටියට) කෙසේ වෙතත් මේ ලිපියෙ මුලින්ම WordPress manual install කරන ආකාරයත් කෙටියෙන් විස්තර කරන්නම්. :)

පිංතුරය 01

පිංතුරය 02

  • ඉහත පිංතුරය 02 හි කොටුකර ඇති විස්තර නව Notepad Document එකක් ලෙස සේවු කරගන්න
  • දැන් නැවත C Panel මුල් පිටුවට පැමිණ  phpMyAdmin විවෘතකරගෙන (පිංතුරය 01) එහි Database Collation එක utf8_unicode_ci ලෙස හෝ  utf8_general_ci ලෙස වෙනස් කරගන්න. එහි සයිඩ්බාර් එකේ ඔබ කලින් සාදාගත් ඩේටාබේස් එකෙහි නම දිස්වන අතර එය තුලටද ගොස්  Database Collation එක වෙනස්කරගන්න.
  • කලින් බාගතකරනලද WordPress Zip File එක WinRAR වැනි මෘදුකාංගයකින් පරිගණකයේ වෙනත් ෆෝල්ඩරයකට Extract කරගන්න.
  • Extract වූ ෆයිලයන් අතුරින් wp-config-sample.php File එක Notepad භාවිතයෙන් Open කරගන්න. එහි පහත ආකාරයට ස්ථානයක් දක්නට ලැබේවි.
  • /** The name of the database for WordPress */
    define('DB_NAME', 'database_name_here');

    /** MySQL database username */
    define('DB_USER', 'username_here');

    /** MySQL database password */
    define('DB_PASSWORD', 'password_here');

  • ඉහත රතු පාටින් දැක්වෙන ස්ථානවලට ඔබ සාදාගත් ඩේටාබේස් එකේ කලින් සේවු කරගත් විස්තර ලබා දී එම ෆයිල් එක wp-config.php ලෙස එම ස්ථානයේම සේවු කරන්න.
  • මා පෙර ලිපියකදී සඳහන් කල ආකාරයට ඔබ WordPress install කිරීමට බලාපොරොත්තුවන ඩිරෙක්ටරියට ඔබ ඉහත wp-config.php ෆයිල් එක සේවු කල ස්ථානයේ ඇති සියලුම ෆයිල් හා ෆෝල්ඩර් අප්ලොග්ඩ් කරන්න. [පෙර ලිපිය බලන්න මෙතැන ක්ලික් කරන්න]
  • එහි විස්තර වූ ආකාරයට Filezilla මගින් එම ෆයිල් අප්ලොඩ් කරගන්න.
  • දැන් ඔබ අප්ලෝඩ් කල ස්ථානයට පිවිසෙන්න.

උදා

- www.YourDomain.com
- www.YourDomain.com/blog
- blog.YourDomain.com

  • එහි install.php ෆයිලය වෙත යොමුවේවි. නැතිනම් ඒ වෙත යන්න.

උදා

- www.YourDomain.com/wp-admin/install.php
- www.YourDomain.com/wp-admin/install.php
- blog.YourDomain.com/wp-admin/install.php

  • මෙහිදී ඔබගේ නව වර්ඩ්ප්‍රෙස් බ්ලොගයට ලොග් වීමට Username සහ Password විමසාවි. ඒවා ලබාදෙන්න.
  • දැන් ඔබ බ්ලොගය සාදා අවසන්. අවශ්‍ය ආකාරයට බ්ලොගයේ වෙනස්කම් කරගන්න.

බ්ලොගර් ලිපි නව WordPress බ්ලොගයට ගෙන ඒම.

දැන් තියෙන්නෙ බ්ලොගර් බ්ලොග් එකේ තිබුන ලිපි, කමෙන්ට් අලුත් පොට් එකට කැන්දන් එන එන.  සියල්ලටම පෙර බැකප් එකක් දාගෙන ඉමු.

Blogger වලට ලොග් වෙලා Dashboard එකෙන් Settings යන්න. බ්ලොග් එක Export කරගන්න.

දැන් අපි පලමු උත්සාහය කරමු. මුලින්ම ඔයා හදාගත්ත Selfhosted Site එකට Blogger Importer කියන ප්ලගින් එක දාලා ට්‍රයි කරමු. මේ ප්ලගින් එක බාගන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න. මේ ප්ලගින් එක බාගන්නෙ නැතිව ඉන්ස්ටෝල් කරන්න හොඳම ක්‍රමය තමයි WordPress 3.0 සංස්කරනය බාවිතාකරනවා නම්  Add new Plugin පිටුවට ගිහිල්ලා Blogger Importer නමින් සෙවුමක් දාලා එතනින් ඉන්ස්ටෝල් කිරීම. නැතිනම් මම කලින් විස්තර කල ආකාරයට බාගත්ත ප්ලගින් එක අන්සිප් කරලා Filezilla මෘදුකාංගය මගින් WordPress ස්තාපිත කර ඇති ස්තානයේ wp-content ගොනුව තුල ඇති plugins ගොනුව තුලට අප්ලොඩ් කිරීම.. පසුව ඇක්ටිවු කිරීම

ප්ලගින් එක සාර්තක ව දැමු පසු Wrodpress වල Tools යටතේ Blogger Importer වෙත යන්න. එයින් ඔබේ බ්ලොගය සමග සම්බන්ධ වීමට හැකිද බලන්න. (ගුගල් ගිණුමට ලොග් වී සිටිය යුතුය, අවසර ඉල්ලන විට ලබාදිය යුතුය)  බොහෝ විට මෙම ක්‍රමය සාර්ථකවන්නේ නැ. හොස්ටින් ලබාදෙන්නන් මීට ඉඩ සලසා නොමැති කම නිසා වන්න පුලුවන්. මටත් මේ ගැටලුව ආවා. ඔබට මෙම ක්‍රමය සාර්ථක විය හැක.ප්ලගිනය තවදුරටත් අවශ්‍යනොවේනම් ඉවත්කර දැමිය හැක.

දැන් දෙවන උත්සාහය. ‍මේ සදහා WordPress.com වෙත ගොස් නව බ්ලොගයක් සාදාගන්න. එහි Tools -> Import වෙත ගොස් බ්ලොගර් තෝරාගන්න. එහිදීත් පෙර පරිදිම ගුගල් ගිණුම හා සම්බන්ධ වූ විට, අවසර ලබාදුන් විට ඔබේ එම බ්ලොගර් ගිණුමේ තිබු සියලු බ්ලොග් WordPress.com මත නම, ලිපිනය, ලිපි ගනන, ප්‍රතිචාරගනන,  දක්වාවි. කිරීමට අවශ්‍ය වන්නේ ඉදිරියේ ඇති Import බොත්තම ක්ලික් කිරීම පමනි. ලිපි හා ප්‍රතිචාර WordPress.com  බ්ලොගයට Import වෙනු දැකිය හැක. අවසන් වූ පසු www.BlogName.wordpress.com වෙත ගොස් බැලිය හැක. ඉහත BlogName යනු ඔබ WordPress.com තුල සාදාගත් බ්ලොගයේ නමයි.  මේ ලිපි පැමින ඇතිතේ ඔබ සෑදු Selfhosted Site එකට නොවේ. එයට මෙම ලිපි ගෙනයාම සදහා  අප ලිපි Import කල WordPress.com තුල සාදාගත් බ්ලොගට ලොග් වී Tools -> Export ගොස් ලබාදෙන Export File එක බාගන්න.

දැන් ඔබේ Selfhosted බ්ලොග් එකට ඇතුල් වී එහි Tools -> Import -> WordPress වෙත යන්න

කලින් WordPress.com වලින් ලබාගත් ෆයිල් එක ලබා දී Uploadfile and Import ක්ලික් කරන්න

ඉම්පෝර්ට් වූ පසු බ්ලොගර් බ්ලොගය තමන්ගේම වර්ඩ්ප්‍රෙස් බ්ලොගයකට ගෙන අවසන්.

දැන් කරන්න තියෙන්නෙ බ්ලොගර් බ්ලොග් එක පස්සෙන් ආපු කස්ටිය Followers ලා ටික වර්ඩ්ප්‍රෙස් වලට ගේන එක.

මුලින්ම මේ ලිපිනයට ගිහින් ඔයාගෙ සයිට් එකේ ID එක හොයාගන්න ඕන

www.google.com/friendconnect/

ගිහින් බ්ලොග් එකට ලොග්වෙන විස්තර දීලා  ලොග් වෙන්න. එවිට ඔබේ බ්ලොග් ටික පෙන්නාවි සයිඩ්බාර් එකෙන්. ඒකෙන් වර්ඩ්ප්‍රෙස් වලට ගෙනාපු බ්ලොග් එක තෝරගන්න. දැන් බ්‍රවුසර් එකේ තියන ඇඩ්‍රස් බාර් එකෙන් අන්තිමට තියන ඉලක්කම් ටික කොපිකරගන්න

රතු පාට ඉරක් ඇඳල තියන තැන තියෙන්නෙ Site ID එක

Copy කරගත්ත සයිට් අයිඩී එක පහල තියන ලින්ක් එකේ අගට දාලා ඒ වෙත යන්න

http://www.google.com/friendconnect/admin/site/settings?id=

Site Name, URL වලට නව බ්ලොග් එකේ විස්තර දෙන්න. Save your Settings ක්ලික් කරන්න

නව බ්ලොග් එකේ විස්තර දෙන්න

දැන් සාදගත්ත WordPress Self Hosted Blog එකට ඇවිත් මේ ප්‍ලගින් එක දාගන්න.

http://wordpress.org/extend/plugins/google-friend-connect-integration/

මේකත් කලින් විදියටම google friend connect integration කියල සර්ච් කරලා දාගන්න පුලුවන්. දැන් WordPress Self Hosted Blog එකේම Settings -> GFC Integration වලට ගිහින් එතනටත් කලින් හොයාගත්ත Site ID එක දෙන්න

Location of rpc_relay.html and canvas.html නම් ස්ථානයට ප්ලගින් එක ඉන්ස්ටෝල් වු ස්ථානය ලබාදෙන්න. උදා – wp-content/plugins/google-friend-connect-integration සේව් කරලා Appearance -> Widgets වලට ඇවිත් බලන්න. දැන් එතන   GFC Members කියලා  එක ඇති. ඒක Drag කරල සයිඩ් බාර් එකට දාන්න.

දැන් පරන බ්ලොගර් බ්ලොග් එකට එන පිරිස නව බ්ලොගයට යොමුකරමු.

මුලින්ම Blogger Dashboard එකෙන් Design වෙත ගොස් Edit HTML හි පහලින් ඇති “Revert to Classic Template” වෙත ගොස් එය ඇක්ටිවු කර පහල කෝඩ් එක බාගතකරගෙන, තිබෙන කෝඩ් සියල්ල මකා දමා එය ඇතුල් කරන්න. (අප කලින් මේ සියල්ල බැකප් කරගෙන ඇත) සේවු කිරීමට පෙර එහි blog.geeth.info ලෙස ඇති ස්ථානය ඔබේ නව බ්ලොගයේ ලිපිනය ලෙස වෙනස්කර,  Geeth’s Blog ලෙස ඇති සථානය ඔබේ බ්ලොගයේ නම ලෙස වෙනස්කර සේවු කරන්න.

[කේතය මෙතනින් බාගන්න.]

ඔබේ නව බ්ලොගයට පිවිස පහත ප්ලගිනය ස්තාපිත කරගන්න.

http://wordpress.org/extend/plugins/blogger-to-wordpress-redirection/

මෙය ඇක්ටිවු කිරීමට පෙර Plugin පිටුවෙන් Blogger To WordPress Redirection ප්ලගින් එකට පහලින් ඇති Edit මත ක්ලික් කරන්න.

ප්ලගිනය Edit කිරීමට

දැන් එහි ඇති $oldBlogURL නම් කේතය සොයාගෙන ඉදිරියෙන් ඇති rb286.blogspot.com නම් ලිපිනය වෙනුවට ඒ ආකාරයෙන් ඔබේ බ්ලොග්ස්පොට් බ්ලොගයේ ලිපිනය යොදන්න.

Update File මත ක්ලික් කර සේවු කර ආපසු plugins පිටුවට ගොස් එම ප්ලගිනය Activateකරන්න.

එම පියවරද අවසන්. මෙම රීඩිරෙක්ට් කිරීමේ වැදගත්කම පහල පිංතුරයෙන් ඔබට තේරැම්ගැනීමට හැකිවේයයි සිතමි. 8|

මෙම Redirect කිරීමේ වැදගත්කම

තේරෙනව ඇතිනේ … !! ;)

Feedburner E-mail දායකත්වය ලබාගෙන ඇති අය නව WordPress වලට ගෙන ඒම

මේක ලේසියි

  • http://feedburner.google.com/ වලට යන්න.
  • FEED TITLE යටතේ බ්ලොග් එ‍ක තෝරගන්න.
  • බ්ලොග් එකේ නමට යටින් ඇති Edit Feed Details ක්ලික් කරන්න. පහත ආකාරයට දිස්වේවි.
  • Original Feed ලෙස ඇති ස්ථානයට ඔබේ නව බ්ලොග යේ ෆීඩ් ලිපිනය දිය යුතුය. සාමාන්‍යයෙන් wordpress බ්ලොගයක ෆීඩ් ලිපිනය වන්නේ බ්ලොගයේ ලිපිනය/feed ලෙසයි. Eg – www.YourDomain.com/feed ඉහත රැපය බලන්න.
  • අවශ්‍ය නම් Feed Title එක වෙනස්කරගත හැක.
  • Feed Adress වෙනස් කල හැකි වුවද එසේ නොකරන්න. නැතිනම් දැනටමත් කලින් ලිපිනයෙන් කියවන්නන් ‍ට කියවිය නොහැකිවන බැවිනි.
  • අවසානයේ Save Feed Details ක්ලික් කරන්න.

ආශිත ලිපි

01) http://sin.dhamith.cz.cc/blogger-%E0%B7%84%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-wordpress-self-hosted-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-comments-follow/
02) http://devilsworkshop.org/blogger-to-wordpress-traffic-permalinks-redirection-plugin/
ජය෴
(bow)
  • Add to favorites
  • Blogger
  • Facebook
  • Twitter
  • LinkedIn
  • MySpace
  • FriendFeed
  • Live
  • Google
  • Google Reader
  • Google Buzz
  • YahooBuzz
  • Technorati
  • StumbleUpon
  • email
Advertisement
Your Ad Here

14 comments

  1. එල ලිපියක් මචෝ,දැන් තේරෙනවා බ්ලොගර් වලට වඩා wordpress හොදයි කියල

    • ඔවු wordpress වල ‍වටිනාකම තේරෙන්නෙ ඒකෙන් වැඩකරනකොටම තමයි. ස්තුතියි කමෙන්ට් එකට

    • Namila SRI LANKA Mozilla Firefox Windows says:

      බ්ලොගර් වලට වඩා WP හැම අතින්ම හොදයි . වටිනා ලිපියක් ගීත් අය්යේ ;) ගොඩක් වටිනවා :)

  2. ලක්ෂික ගයාල් SRI LANKA Mozilla Firefox Windows says:

    හොද ලිපියක් අයියේ…එළ!

  3. නියමයි. දිගටම ලියන්න සුභ පැතුම්.
    වර්ඩ්ප්‍රෙස් බැකප් කරන හැටිත් ලියන්න පුලුවන්නම්..

  4. maduka SRI LANKA Google Chrome Windows says:

    එල එල මමත් ගනියන wordpress හ්ටිය…..thanx ලිපියට

  5. ලැසී SRI LANKA Google Chrome Windows says:

    එල මමත් දැන් වර්ඩ් ප්‍රෙස් මේ පොස්ට් එක බලාගෙන තමා හැදුවේ. දිගටම කුප්පි දාන්න

  6. අපරාදේ අයියේ මම මගේ සයිට් එක මාරු කරන්න කලින් දැක්කේ නැනේ දැක්කනම් නියමෙට followers ලාත් මාරු කරගන්න තිබුනා
    කොහොම හරි බොහොම ස්තුතියි

    • තාමත් පරක්කු නෑ…… දැන් ඉන්න අයට වඩා කලින් හිටියනම් පරන සෙට්එක දාගන්න… කලින් Blogger Blog එක තිබුන ගිණුමේ‍, Google Friends connect ගිහින් පරන බ්ලොග් එකෙ Followers ලා ටික බලන්න… ඒ අය ගන්න පුලුවන් ලිපියෙ තියන විදියට කරල… දැන් තියන GFC Widget එක අයින් කරල ඉන්න…..

      ස්තුතියි කමෙන්ට් එකට. :)

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


නව comments e-mail මගින් දන්වන්න. මේ සඳහා ඔබට කමෙන්ට් නොකර වුවද දායක විය හැක. Subscribe without commenting.