OS කිහිපයක් ඇති පරිගණකයකින් එක් OS එකක් අයින් කරන්න පුලුවන්ද ?

September 27th, 2011 by Geeth | ගීත් Leave a reply »

ඇත්ත කතාව නම් බැහැ කියන එක තමයි. මොකද සාමාන්‍ය මෘදුකාංගයක් වගේ Operating System එකක් Uninstall කරන්න බැහැ. ඒ වුනාට පොඩි උපක්‍රමයක් භාවිතා කරන අනවශ්‍ය මෙහෙයුම් පද්ධතිය ඉවත් කරගන්න පුලුවන්‍. ගොඩක් දෙනෙක් කරන්නෙ අනවශ්‍ය මෙහෙයුම් පද්ධතියට අදාල ෆයිල්ස් ටික ඩිලිට් කරන දාන එක. ඒත් පරිගණකය බූට් වෙන අවස්ථාවෙ පෙර පරිදිම පද්ඨතිය පනගන්වන්න අවශ්‍ය කුමන මෙහෙයුම් පද්ධතියෙන්ද කියල විමසනව. ඒ ගැටලුවට පිලියමක් තමයි මේ..

මුලින් භාවිතා කරන්න අපේක්ෂිත මෙහෙයුම් පද්ධතියෙන් පරිගණකය පනගන්වාගෙන එහි Boot Loader එකේ පොඩි වෙනස්කමක් කරන්න ඕන. මේක  boot.ini යන නමින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති partition එකෙහි සැගවීලා තියෙන්නෙ. Folder Option හි Hide Protected Operation System files මගින් මේ ෆයිල් බලාගන්න පුලුවන්.  නැතිනම් System Properties වලින් වුනත් කරගන්න පුලුවන්.

මුලින්ම System Properties වල Advanced හි Startup & Recovery යටතේ Settings විවෘත කරගන්න.

එහි Default Operating System එක භාවිතා කරන්න අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය ලෙස තෝරා දෙන්න. Time to display operating systems වලට 1ක් ලබා දෙන්න. නැතිනම් ඒ ඉදිරියෙන් ඇති tick එක ඉවත් කරන්න. දැන් OK කර පරිගණකය Restart කර බලන්න පුලුවන්. ඉන්පසු අනවශ්‍ය මෙහෙයුම් පද්ධතියේ ෆයිල්ස් ඩිලිට් කිරීම කරන්න පුලුවන්.

නමුත් Boot Loader එකෙන් මේ මෙහෙයුම් පද්ධතිය ඉවත් වෙන්නෙ නැ. ඒයින් ඉවත් කරන්න ඉහත Dialog box එකෙන්ම Edit ක්ලික් කර [operating systems] වලට පහලින් අනවශ්‍ය මෙහෙයුම් පද්ධතියට අදාල පාත් එක ඩිලිට් කරන්න.

Eg- XP අනවශ්‍යනම්

multi(1)disk(1)rdisk(2)partition(1)\WINDOWS=”Microsoft Windows XP Professional” /noexecute=optin /fastdetect /usepmtimer

යන කොටස ඩිලිට් කර save කරන්න ඕන.

අන්තිමට කියන්න තියෙන්නෙ මෙහෙම කරනවනම් පොඩි risk එකක් ගන්න වෙනව කියල තමා. ඔය Boot Loader එක එඩිට් කරන එක ටිකක් භයාගන වැඩක් !!

  • Add to favorites
  • Blogger
  • Facebook
  • Twitter
  • LinkedIn
  • MySpace
  • FriendFeed
  • Live
  • Google
  • Google Reader
  • Google Buzz
  • YahooBuzz
  • Technorati
  • StumbleUpon
  • email
Advertisement
Your Ad Here

9 comments

  1. කසුන් නදීශන SRI LANKA Google Chrome Windows says:

    එල එල වැදගත් ලිපියක් .ගොඩක් අයට ඕක ලොකු ගැටළුවක්

  2. anonymous Safari Mac OS says:

    Just use “msconfig>boot”. its more easier ;)

  3. ප්‍රයෝජනවත් ලිපියක්. මම නම් මේක කරන්නෙ කෙලින්ම C එකේ තියෙන boot.ini එකම එඩිට් කරන එක.

  4. යකා මහත්තයා AUSTRALIA Mozilla Firefox Windows says:

    එල එල මච්ං…….

    http://yakagethithpola.blogspot.com/

  5. Sajeewa SRI LANKA Google Chrome Windows says:

    හැමදාම වැදගත් දෙයක්නෙ ඔයා දෙන්නෙ යාලු…. ගොඩක් වැදගත් මේ ලිපිය… ස්තුතියි බෙදාගත්තට අපිත් එක්ක…

  6. namila007 SRI LANKA Google Chrome Windows says:

    ස්තූතිය් මේ ගැන කියල දුන්නට

  7. තෑන්ක්ස් මචං ඇත්තටම මේ ගැන මම දැනං උන්නේ නෑ !

    මට තිබ්බ ගැටලුව තමයි මගේ කොම්පීතරේ ඕඑස් දෙකක් දාලා තිබ්බා පාටිසන් දෙකක පස්සේ එක ඕ එස් එකක් ගෙඩි පිටින් ඩිලීට් කරලත් දැම්මා

    තාමත් බූට් වෙද්දී ඕ එස් එක තෝරන්න මෙනුව එනවා . මේ ක්‍රමයට ඒකත් අයින් කරගන්න හැකිවේවි

  8. Ruwa Mozilla Firefox Windows says:

    thanx machan amathaka vela thibuna deyak mathak kalata….sthuthi

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


නව comments e-mail මගින් දන්වන්න. මේ සඳහා ඔබට කමෙන්ට් නොකර වුවද දායක විය හැක. Subscribe without commenting.