Virtual Networking අත්දැකීමක්‍. Virtual Box සමග Dual Monitor භාවිතයෙන්)

August 26th, 2011 by Geeth | ගීත් Leave a reply »

Computer Network

මට මේ ලඟකදි Networking ගැන තිබුන දැනුම ටිකක් අලුත් කරගන්න හිතුන. විශේෂයෙන්‍ම Windows Server 2003 වල Active Directory, Users ල හදන හැටි, ඒ අයට Policies දෙන හැටි, Exchange Server, DHCP Server, වගෙ Domain Network එකක සාමාන්‍ය දේවල් ගැන දැනුම ටිකක් පොලිෂ් කරගන්නයි ඕන වුනෙ. ඉතින් ඕකට Network Cables, Network Switch, තව computers එක්ක පොඩි නෙට්වර්ක් එකක් හදාගන්න එක ටිකක් කරදරයි වගෙ. ආර්ථික වශයෙනුත්, කාල වෙලාව අතිනුත් මට ටිකක් කම්මැලි හිතුන. මේ ගැන හොය‍නකොට තමයි නෙට් එකෙ තිබිල VMware ගැන හොයාගත්තෙ. ඒත් ඒකට සල්ලි දෙන්න වෙනව. අනික VMware Workstation එකත් 500MB විතර තියනව. මම ඔයවගෙ ගැටලු වලට හොද විකල්පයක් යොදාගත්ත. ඊට පස්සෙ හොද Virtual Network එකක් හදාගත්ත.

මේ Virtual Network එක හදාගන්න පාවිච්චිකලෙ VirtualBox මෘදුකාංගය. මේක Free නිසා අවුලක් නැ.

(මෙතනින් ගන්න පුලුවන් – http://www.virtualbox.org/wiki/Downloads) ‍

මම කෙටියෙන් කරපු හැටි විස්තර කරන්නම්.

මුලින්ම Virtual Box බාගෙන Install කරගන්න ඕන.

ඊට පස්සෙ VirtualBox  මෘදුකාංගය තුල Windows Server 2003 OS සහිත Virtual Machine හා  තවත් Windows XP OS සහිත Virtual Machine එකක් හදාගත්ත.

Virtual Machines  Run කරන්න කලින් ඒවගෙ Settings වලින් Network Adepter එකක් Enable කරල ඒක Internal Network විදියට සකස් කරගන්න ඕන. මේක Server 2003 දාන Virtual Machine එකෙයි, Client එකක් විදියට use කරන Virtual Machine එකෙයි 2ම මේ විදියට කරගන්න ඕන.

Virtual Network Adapter Settings

Virtual Computers Booting...

ඊට පස්සෙ රන් කරල OS දෙක වෙන වෙනම දාගත්ත. පලමුවරට Run කරනකොට OS එක තියන CD එක තියන Drive එක අහනව. එතකොට අපෙ CD/DVD Rom එක දෙන්න පුලුවන්. Next කරල ඉදිරියට ගියාම Virtual Hard Disk හදාගන්න ඕන. මම දුන්නෙ 10GB විතර. කැමති ගානක් දෙන්න පුලුවන්. OS දාල ඉවර වුනාම මේ වගෙ පෙනේවි. අවශ්‍ය Virtual Machines ගනනක් RAM එකෙ හැටියට හදාගන්න පුලුවන්. මමනම් හැදුවෙ එකයි ;)

දැං Virtual Machine දෙකම boot කරන්න. (Start කරන්න) මේ වගේ boot වේවි.

Virtual Computers Booting...

ඒත් මට පොඩි අවුලක් !! එක ඩෙස්ක්ටොප් එකෙ මේ 2ම වැඩ කරන්න පුලුවන් උනත් හිතට හරි නැ.. ඔය වෙලාව තමයි මතක් වුනෙ මගෙ Graphic Card එක ගැන. :) ඒක nVidea GForce 8400 GS එකක්. ඉතින් ඕකෙ DVI Port එකකුත් තියනව. නිකං තියන එකෙ ඔකෙනුත් වැඩක් ගන්න හිතුන නිසා යාලුවෙක්ගෙ LCD මොනිටරයක් අරන් ආව ටික දවසකට. ඒකෙත් DVI Port එකට සම්බන්ධ කරන්න බෑ. ඒ නිසා DVI to VGA Converter එකකුත් හොයාගත්ත වෙන යාලුවෙකුගෙන්.

මේවනම් e-bay වල ඕනතරම්

  • හරි. දැන් Monitor දෙකම VGA Card එකට සවිකරල ඉවරයි. ඊට පස්සෙ මම nVidea Control Panel වලින් Multiple Monitor Settings හදාගත්ත. NVIDIA nView Desktop Manager වලින් එකම Desktop එක අනිත් Monitor එකටත් Extend කරල Resolution එහෙම හදාගත්ත.
  • ඊට පස්සෙ ආයෙත් Virtual Machines Run කරල එක Virtual Machines 2 Monitor දෙකට වෙන වෙනම දැම්ම.
  • ඒ Virtual Machines වල Display Properties වලින් මොනිටරේ Resolution අගයට සමාන අගයක් දීල Virtual Box වලින් define කරල දෙන Host Key + F ඔබල Full Screen කරගත්ත (නැතිනම්  Machine -> Switch to Full Screen)
  • දැන් ඔක්කොම හරි.
  • මීලඟ පියවර IP Address හදන එක. මම Class C වල IP Address එකක් යොදාගත්ත. (192.168.10.xx)
  • Network එක වැඩ. !! ඕනනම් Ping කරල බලන්න පුලුවන්.

ඒකට Command Prompt එකෙ Ping <ip_address> ලබාදෙන්න.

eg – ping 192.168.10.2

එතකොට මේ වගෙ Reply එනවනම් Network එක වැඩ. !!

C:\Documents and Settings\Administrator>ping 192.168.10.2

Pinging 192.168.10.2 with 32 bytes of data:

Reply from 192.168.10.2: bytes=32 time<1ms TTL=128
Reply from 192.168.10.2: bytes=32 time<1ms TTL=128
Reply from 192.168.10.2: bytes=32 time<1ms TTL=128
Reply from 192.168.10.2: bytes=32 time<1ms TTL=128

Ping statistics for 192.168.10.2:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 0ms, Maximum = 0ms, Average = 0ms

ඔහොමයි මගෙ Virtual Network එක හැදුනෙ. කෙනෙකුට ඕනනම් Monitor 2 ක් නැතිව තියන මොනිටරේම උනත් කරන්න පුලුවන්. (ඉහල තියන Virtual Machines boot වෙන පිංතුරෙ වගෙ) :) ට්‍රයි එකක් දාලම බලන්න. ගැටලුවක් තියනවනම් අහන්නකො.

  • Add to favorites
  • Blogger
  • Facebook
  • Twitter
  • LinkedIn
  • MySpace
  • FriendFeed
  • Live
  • Google
  • Google Reader
  • Google Buzz
  • YahooBuzz
  • Technorati
  • StumbleUpon
  • email
Advertisement
Your Ad Here

5 comments

  1. Namila SRI LANKA Google Chrome Windows says:

    කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මේක ගැන කියල දුන්නට ස්තූතිය් :)

  2. නියමයි යාලුවා වැදගත් පෝස්ට් එකක්

  3. Ruwa Mozilla Firefox Windows says:

    එල මචන් එත් ඔයට ඔයිට වඩා නෙට්වර්ක් වැඩටිකක්
    cisco packet tracer එකෙන් කරන්න පුලුවන් .

    http://www.mediafire.com/?cttmyh10yr9

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


නව comments e-mail මගින් දන්වන්න. මේ සඳහා ඔබට කමෙන්ට් නොකර වුවද දායක විය හැක. Subscribe without commenting.