වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – අඩවිය Upload කිරීම – කුප්පි 1

July 21st, 2010 by Geeth | ගීත් Leave a reply »
පලවෙනි ලිපිය බැලුවා කියලා හිතනවා. නැතිනම් එය මුලින්ම බලලා ඉන්න. ඒහි කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය ඔබ නිර්මාණය කලානම් ‍ මේ ලිපියෙන් එය නොමිලේ ලබාදෙන වෙබ් ඉඩකට අප්ලෝඩ් කරන ආකාරය සාකච්ඡා කරමු. පසුව මෙය අත්හදා බලා  පසුව මිලදීගත් වෙබ් ඉඩකට අප්ලෝඩ් කරගත හැකියි. (නමුත් මෙම නොමිලේ සාදන අඩවියද ඔබට භාවිතා කල හැකියි.)
දැන් ඔබේ නොමිලේ ලැබෙන වෙබ් ඉඩ සාදාගනිමු.
මේ සදහා බොහොමයක් ස්ථාන අන්තර්ජාලය තුල ඇතත් මම මේ ලිපි සදහා යොදාගන්නේ zymic නම් වෙබ් අඩවියයි. ඔබ කැමතිනම් වෙනත් අඩවියක් වුවද භාවිත කල හැකියි.
පලමුව පහත සබැදුමට ගොස් නොමිලේ ලැබෙන වෙබ්ඉඩ ලබාගැනීමට ලියාපදිංවිවන්න.‍

එහි ඇති කුඩා ෆෝම් එක පිරවු පසු ලබාදුන් ඊ මේල් ලිපිනයට පනිවිඩයක් ලැබෙනු ඇත. එහි සදහන් සබැදුමට ගොස් ඔබ ලබාදුන් User name හා Password ලබාදී ලොග්වෙන්න.

එවිට ඔබ ඇතුල්වන්නේ ඔබේ zymic ගිණුමටයි. එහි ඔබේ වෙබ් ඉඩ ලබාගැනීමට Creat New Web Host Account මත ක්ලික් කරන්න.


  • දැන් ඔබේ වෙබ් හොස්ටින් ගිණුමට ඔවුන් නොමිලේ ලබාදෙන Domain Name එකක් තෝරාගන්න.
  • මෙය නොමිලේ ලබාදෙන වෙබ් ගිණුමක් බැවින් ඔබට ලැබෙන්නේ Sub Domain එකකි. එහි තෝරාගැනීමට ඩොමේන් කිහිපයක් ඇත.
  1. yourname.xzq.net
  2. yourname.99k.org
  3. yourname.zzl.org
  4. yourname.zymichost.com
  5. yourname.clanteam.com

කැමති එකක් තෝරාගෙන ඔබේ නම ඉහත පිංතුරයේ ආකාරයට ලබාදී Continue ක්ලික් කරන්න.

  • hosting ගිණුමට මුරපදයක් ලබාදෙන්න.
  • දැන් ඔබ ඔවුන්ගේ කොන්දේසි වලට එකග විය යුතුය.(පහත රූපය බලන්න)

රෑපයේ ඊ හිස් වලින් දැක්වෙන ස්ථාන සලකුණු කර පහලින්ම ඇත් Create website account මත ක්ලික් කරන්න.

  • එලෙසින් ඔබේ හොස්ටින් ගිණුම සාදා අවසන් කරගන්න.
  • දැන් ඔබ නැවතත් ඔබේ පාලන පුවරුව වෙත යොමුවනු ඇත.

එයින් ඔබේ වෙබ් ගිණුමට ඇතුල්වීමට පහත රෑපය උපයෝගී කරන්න.

  • මුරපදය විමසුවහොත් ඔබ හොස්ටින් ගිණුමට ලබාදුන් මුරපදය ලබාදෙන්න.එවිට ඔබේ ගිණුම පෙන්වයි
පහත ආකාරයට ඔබේ හොස්ටින් පාලන පුවරැව දැක්වෙනු ඇත.

අපට එයින් අවශ්‍ය වන්නේ සයිඩ්බාර් එකේ තිබෙන විස්තරයි.පහත රූපයේ කොටු කර ඇත. මෙම විස්තර notepad (start->all programs->Accessories->notepad) වලට කොපි කර save කර තබාගන්න.

දැන් හොස්ටින් ගිණුම සාදාගෙන අවසන්. මෙම ගිණුමේ File Manager නම් ස්ථානයෙන් අප ගිණු‍මේ ඇති ෆයිලයන් බලාගත හැක. එයින් අප්ලෝඩ් කල හැකි වුවත් එකින් එක ෆයිලයන් අප්ලොග්ඩ් කිරීමට සිදුවන නිසා වෙනත් මෘදුකාංගයක් භාවිතා කරමු. (අප්ලෝඩ් කරන විට ඉහත රූපයේ රවුම් කර ඇති ස්ථානය online වී ඇති අවර්ථාවක් විය යුතුය.)

දැන් හොස්ටින් ගිණුමට අඩවිය අප්ලෝඩ් කිරීම

මෙය කිරීමට කලින් ඔබ සාදාගත් වෙබ් අඩවිය වෙබ් සර්වර් එකේ ස්ථානගත වීමට අවශ්‍යකරන ආකාරයට පරිගණකයේ එක් ෆෝලිඩර් එකකට අඩවියට ඇතුලත් කරඇති සියලුම දේවල් සමගින් ගත යුතුවේ. මේ සදහා මා භාවිත කල වෙබ් පේජ් මේකර් මෘදුකාංගයේ ඇති ආකාරය පහතින් විස්තර කරන්නම්. (Dreamviver වලද මේ සදහා පහසුකම් සපයා ඇත.)
ඒ සදහා වෙබ් පේජ් මේකර් මෘදුකාංගයේ ටූල් බාර් එකෙහි ඇති ^ අයිකනය යොදාගන්න.(පහත රූපයේ ආකාරයට) මෙයට File-> Publish හෝ F4 බොත්තම භාවිතා කල හැක.
එවි‍ට පහත ආකාරයට ඩයලොග් ‍බොක්ස් එකක් ලැබෙනු ඇත.
මෙතැනදීත් අපට කෙලින්ම හොස්ටින් ගිණුමට අප්ලෝඩ් කිරීමට හැක. (New මගින්) නමුත් අප මේ අඩවිය එක් ස්ථානයකට ගෙන අප්ලෝඩ් කරමු. මුලින්ම පරිගණකයේ නව ෆෝල්ඩරයක් සාදන්න. දැන් රතු පැහැයෙන් රවුම් කර ඇති ස්ථානය සලකුනු කර පහලින් අවශ්‍ය නව ෆෝල්ඩරය තෝරා Publish ක්ලික් කරන්න.
අප සාදාගත් ෆෝලිඩරයට වෙබ් අඩවියට ඇතුලත් සියුම ෆයිලයන් පිටපත් වෙනු ඇත.
වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීමට අපට filezilla නම් නොමිලේ ලබාදෙන මෘදුකාංගාය අවශ්‍ය වේ. මෙය බාගත කරගැනීමට

වෙත යන්න.  එහි  FileZilla_3.3.3_win32-setup.exe  (recommended) යනසබැදුම මගින් බාගතකරගන්න. 4MB පමණි.
දැන් එම මෘදුකාංගය විවෘත කරගෙන මා ඉහත පියවරකදී note pad වල සටහන් කරගැනීමට කී විස්තර ලබා දී ඇතුල්වන්න.
මුරපදය වශයෙන් අප හොස්ටින් ගිණුමට ලබාදුන් මුරපදය ලබාදෙන්න. Quickconnect යන්න ක්ලික් කරන්න. ස්වල්ප වේලාවකින් පහත ආකාරයට ඔබේ වෙබ් ගිණුමට සම්බන්ධවනු ඇත. පහත ලෙස
මෙහි අංක 1 න් දැක්වෙන්නේ ඔබ පරිඝණකයේ හාඩ් ඩිස්ක් ය. අංක 3න් එම පාටිශන් එකකට ගියවිට ඒ තුල ඇති ෆෝල්ඩර විවරකරගත හැක. අංක 4 න් වෙබ් හොස්ටින් ගිණුමේ ඇති ෆයිල් දැකගත හැක.
ඔබ මා විසින් සදහන් කල හොස්ටින් සේවය භාවිතා කලේනම් අංක 4 ස්ථානයේ ඇති index.html නම් ෆයිලය ඩිලිට් කිරීමයි (එය මත රයිට් ක්ලික් කර ඩිලීට් මගින්)
දැන් කිරීමට ඇත්තේ අංක 1 හා 3 උපයෝගී කර‍ගෙන ඔබ වෙබ් අඩවිය පරිගණකයේ ගබඩා කර ඇති ෆෝල්ඩරය වෙත ගොස් එහි ඇති ෆයිල්ස් සියල්ල කීබෝඩ් එකේ ctrl බොත්තම ඔබාගෙන තෝරා රයිට් ක්ලික් කර අප්ලෝඩ් නම් විධානය ලබාදීම පමණයි. එවිට ඔබගේ වෙබ්හොස්ටින් ඉඩ තුලට අපගේ පරිගණකයේ ඇති ෆයිලයන් ඇතුලත්වනු ඇත. එය ඇතුල්වන ආකාරය ඉහත පිංතුරයේ රතුපැහැති ඊතලයෙන් දැක්වෙනු ඇත. මෙසේ ෆයිල් සියල්ල අප්ලෝඩ් වී අවසාන වූ පසු ඔබ ඉහතදී තෝරාගත් වෙබ් ලිපිනයට ගොස් වෙබ් අඩවිය පරික්ෂා කර බැලිය හැක.

සැ,යු – ඔබ වෙ
නත් වෙබ් හොස්ටින් ලබාදෙන ස්ථානයකින් ඉඩ ලබාගත්තේ නම් ‍( http://www.000webhost.com/ වැනි) එම වෙබ් ඉඩෙහි විවිධ ෆෝල්ඩර් තිබිය හැක. එවිට ඔබ අප්ලෝඩ් කිරීමට කලින් වෙබ් හොස්ට් ගිනුමේ public_html නම් ෆෝල්ඩර් එක වෙත ගොස් එය තුලට අප්ලෝඩ් කල යුතුය.
‍දැන් මෙම ලිපියේ කී දේවල් හොදින් අධ්‍යනය කර ඔබේ වෙබ් අඩවිය අප්ලෝඩ් කර බලන්න. මීලග කුප්පියෙන්හමුවෙමු.
  • Add to favorites
  • Blogger
  • Facebook
  • Twitter
  • LinkedIn
  • MySpace
  • FriendFeed
  • Live
  • Google
  • Google Reader
  • Google Buzz
  • YahooBuzz
  • Technorati
  • StumbleUpon
  • email
Advertisement
Your Ad Here

22 comments

  1. නියමයි අයියෙ පට්ට…ගොඩක් වැදගත් ලිපියක්

  2. නියමයි එල මේ හොස්ටින් එක Gb කියේ එකක්ද ?

  3. @ Hasitha ජයසූරිය – ස්තුතියි@ හිඟන්නා – :b@ ♠GaŋGster♠™ – :k@ lankablogger.info – මේ‍කේ 6000 MB තියනවා. වැඩි විස්තර ඒ අඩවියෙන් බලාගන්න පුලුවන්..

  4. AKP Priyal says:

    Oya loku Sewawak karana kenek,,,, oll the Best ( Me domain name aka valid period akak thiyanawada )

  5. @AKP Priyalස්තුතියි‍‍.. valid period එකක් නම් නැද්ද කොහෙද..

  6. zujith says:

    එළ එළ මමත් කරගෙන කරගෙන පස්සෙන්ම එන්නම්කො

  7. Akila Manoj SRI LANKA Mozilla Firefox Windows says:

    අනේ අයියේ අර තියේන විදිහට රේඡිස්ටර් වුනාම Creat New Web Host Account කිලික් කරම ඹයා කියපු විදිට Domain Name එකක් තෝරාගන්න
    එන්නේ නැනේ

    • මුලින්ම අපි එයාලගෙ ගිණුමක් සාදන්න ඕන ඊට පස්සෙ තමයි ඒකෙ ඇතුලෙ තියන Creat New Web Host Account මත ක්ලික් කරන්න ඕන‍. ලිපිය ආයෙපාරක් කියවලා බලන්න නැතිනම් Contact පිටුවෙන් මාව සම්බන්ධකරගන්න. මම උදවු කරන්නම්.

  8. Akila Manoj SRI LANKA Mozilla Firefox Windows says:

    “අයියේ”

    ඹයා කියලා දිපු විදිහට මම “zymic” නම් වෙබ් අඩවියෙන් “akila.zzl.org” නමින්
    “web-hosting” ගත්තා. ඹයා කියලා දිපු විදිහටම “web අඩවිය FileZilla” මගින්
    “Upload” කරගත්තා. ඉට පස්සේ “සයිට්මැප් එක ගුගල්” වෙත ඇතුල්කර ගත්තා ඒත්
    බලාන්නකො අයියේ මෙ මෙනවා කරත් මට මගේ “web අඩවියට” log වෙන්නට බැනේ
    මොකද්ද දන්නැ අවුල තව මෙනවා හරි කරන්න තියනවානමි කියන්න.

    …………..Thank you help එකට………

  9. Akila Manoj SRI LANKA Mozilla Firefox Windows says:

    “අයියේ”

    ඹයා කියලා දිපු විදිහට Web Page Maker වල ඇති ^ අයිකනය ක්ලික්
    ෆෝල්ඩරය තෝරා Publish ක්ලික් කර පසු ෆෝල්ඩරයේ ඇති සියලුම
    දත්ත FileZilla” මගින් “Upload” කල යුතුද

    • වෙබ් පිටු ටිකයි, Publish කලාම වෙනම ෆෝල්ඩරයකට ගොනුවෙන පිංතුර,ෆයිල් අඩංගු ෆෝල්ඩර් ඔක්කොම අප්ලොඩ් කරන්න ඕන. සරලම දේ තමයි නව ෆෝල්ඩරයකට පබ්ලිශ් කරන එක. එතකොට ඒකට එන්නෙ අප්ලෝඩ් කරන්න ඕන දේවල් විතරයි..

  10. Akila Manoj SRI LANKA Mozilla Firefox Windows says:

    …………..Thank you help එකට………

  11. Akila Manoj SRI LANKA Mozilla Firefox Windows says:

    අයියෙ මම ඔය ගෙ ලිපි මගෙ වෙබ් අඩවියට සම්බන්ද කරගන්නද

    • සම්බන්ධ කරනව කියල ඔයා අදහස් කලේ මොකක්ද‍‍‍…. Link කරනවද… මට පැහැදිලි නෑ….

  12. කල්හාර SRI LANKA Mozilla Firefox Windows says:

    තෑන්ක්ස් ගීත් මම මේ ලිපියෙන් හුඟක් වැඩ ගත්තා.

  13. chamika SRI LANKA Google Chrome Windows says:

    oyage me lipiya mama kiywanna gaththa. mata wadagth godak. sthuthyi :)

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


නව comments e-mail මගින් දන්වන්න. මේ සඳහා ඔබට කමෙන්ට් නොකර වුවද දායක විය හැක. Subscribe without commenting.